එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පසුව එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ හා කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකිරීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය සූදානම් වෙයි.
නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, තරගාවලියේ ආරක්ෂක අධ්යක්ෂවරයාගේ උපදෙස් අනුව තරගාවලියේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවයි.
ඒ සඳහා එංගලන්ත ක්රිකට් ආයතනය හා අනෙකුත් අංශ සමග එක්ව කටයුතු කරන බවත් ඉදිරි දින කිහිපයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩිදුර අවධානය යොමුකරන බවත් අයි.සී.සී. මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මැන්චෙස්ටර් නුවරට එල්ල වූ බෝම්බ ප්රහාරයෙන් 22 කු ජීවිතක්ෂයට පත්ව 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.