ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව සීමිත පන්දුවාර නායක තිසර පෙරේරා පවසන්නේ සිය කණ්ඩායම ඉන්දියාව හා පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් සූදානම් බවයි. එක්දින තරග තුනකින් සමන්විත තරගාවලය ධර්ම්ශාලාහි ඉරිදා ( දෙසැම්බර් 10 දා) ආරම්භවීමට නියමිතය.
ශ්රී ලංකාව මේ වසරේ සීමිත පන්දුවාර තරගවලදී අසාර්ථකත්වයක් පෙන්නුම් කරයි. පළමු වතාවට සිම්බාබ්වේට එරෙහිව එක්දින තරගාවලියක් පරාජයට පත්වූ අතර එය ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ඉවත් වීමට හේතු විය. ඉන්දියාව, පකිස්ථානය සහ දකුණු අප්රිකාව හමුවේ ඔවුන් 0-5 ක් ලෙස වයිට්වොෂ් එක්දින තරග පරාජයකට ලක්විය.
ශ්රී ලංකාව මීට පෙර පැවැති ටෙස්ට් තරගාවලිය 0-1ක් ලෙස ඉන්දියාව හමුවේ පරජයට පත්විය. කෙසේ වෙතත් නව දිල්ලියේ පැවැති අවසන් අවසන් ටෙස්ට් තරගයේ දී ඔවුන් උපරිමයෙන් ක්රීඩා කළේය.
"අපි ඉතා සමබර කණ්ඩායමක්. ක්රීඩකයන් කීපදෙනෙක් තුවාල ලැබීමෙන් පසුව නැවත පැමිණ තිබෙනවා. අපි මානසිකව වැටලා නෑ . අපි ශක්තිමත්”
"පසුගිය දින දෙක තුළ අපට හොඳ සැසිවාර 2 ක් තිබුණා. මේ මොහොතේ, මානසිකව හා ශාරීරිකව, අපි හොඳින් සූදානම් වී තිබෙනවා."
එක්දින තරගවලදී ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කර ගැනීම සඳහා මැතිව්ස්ගේ දායකත්වය කණඩායමට හිමිවෙනු ඇත.. වසරකට වැඩි කාලයක් ඔහු පන්දු නොයැව්වේය. 30 හැවැරිදි මැතිව්ස් අගෝස්තු මාසයේදී ශ්රී ලංකාවේ පැවැති ඉන්දීය තරගාවලියේ පන්දු යැවීය. කෙසේ වෙතත් ඔහුට පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය අහිමිවිය. ඒ කළවයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් ඔහු නැවතත් කණ්ඩායමට පැමිණියෙය විශේශඥ පිතිකරුවෙකු ලෙස පමණි.
"ඇන්ජලෝ මෙම තරගාවලියේදී පන්දු යවනවා. ඔහු ටෙස්ට් තරගවලදී පන්දු යැවුවේ නෑ. නමුත් ඔහු එක්දින හා විස්සයි 20 තරග සඳහා සූදානම්. ඔහු කණ්ඩායම සමබර කිරීම සඳහා අපට උපකාර කරනවා. පිතිකරණ තුන් ඉරියව් ක්රීඩකයා අපිට යමක් කරාවි.”
නව දිල්ලියේ පැවැති අවසන් ටෙස්ට් තරගයේදී සාර්ථක වූ ධනංජයද ද සිල්වාගේ සේවය ශ්රී ලංකාට අහිමිවී ඇත. ඒ ඔහු මස්පිඩුවල ආබාධයකට ලක්වීම හේතුවෙනි. එහෙත් පෙරේරා විශ්වාස කරන්නේ ඉතිරි පිතිකරුවන් වගකීම දරනු ඇති බවයි.
“ඩික් (නිරෝෂන් දික්වැල්ල), දනුෂ්ක (ගුණතිලක), උපුල් (තරංග) සහ ඇන්ජලෝ යන ප්රහාරක පිතිකරුවන් අපිට ඉන්නවා. අපි හොඳින් කළොත් ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකියි.”