ශ්රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් බටහිර ඉන්දීය කොදෙව් සිට නැවතත් අද රාත්රියේ දිවයිනට පැමිණීමට නියමිතය. ඒ ඔහුගේ බිරිඳගේ දෙවැනි දරු උපත හේතුවෙනි.
ආබාධවලින් අනතුරුව නැවතත් ශ්රී ලංකා කණ්ඩායමට එක්වූ ඇන්ජලෝ මින් ඉදිරියට කණ්ඩායමට පිතිකරුවෙක් ලෙස පමණක් සිය දායකත්වය ලබාදීමට නියමිතය. කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගයේදි ඔහුගේ දක්ෂතා එළි නොදැක්විණ.
ඔහු වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට නම්කර ඇත. මේ අතර ආබාධයකට ලක්වූ ළහිරු ගමගේද කොදෙව් සිට නැවතත් ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහු වෙනුවට දසුන් ශානක කණ්ඩායමට නම්කර ඇත.