ශූරයන්ගේ කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අනිද්දා (08දා) පැවැත්වීමට නියමිත තරගයට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරයිනම් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල බාධාවක් වෙනු ඇත බව කුමාර් සංගක්කා සඳහන් කරයි.
මෙවර තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටින සංගා අනිද්දා තරගය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට ලිපියක් ලියමින් මේ බව සඳහ්න කරයි.
එසේම මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 නියමිත වේලාවේදී යොමු කිරීමට කටයුතු කිරීම වඩාත් වැදගත් බවත් සංගා පෙන්වා දෙයි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවාර 50 යොමුකිරීමට නියමිත වේලාවට වඩා විනාඩි 39ක් ගත කිරීම අනුමත කළ නොහැකි කරුණක් බවත් සංගා සඳහන් කරයි.
මෙම තරගයට උපුල් තරංග නොමැතිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් බවත් නියමිත පන්දුවාර සංඛ්‍යාව නියමිත වේලාවට යොමු කිරීමට කඩුලු රකින්නා, අනෙකුත් පන්දු රකින්නන් මෙන්ම පන්දු යවන්නන් වැඩි වගකීමක් ගත යුතු බවද ඔහු පවසයි.
ඉන්දියාව හා පැවැත්වෙන තරගයට තිසර පෙරේරා එක් කර ගැනීම වැදගත් බවත් ඉන්දියාව මෙම තරගයට ඉහළ විශ්වාසයක් සහිතව පැමිණෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
තරගයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නැවත සංවිධානය වීමත් නැවත සිතීමත් වැදගත් බවත් ක්‍රීඩා සැලැස්මද වෙනස් කළ යුතු බව ඔහු නේවා දෙයි.
තරගයට පැමිණීමේදී තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම උද්වේගයෙන් යුතුව කටයුතු කළොත් එය ඉන්දියාව හා පැවැත්වෙන තරගය ජයගැනීම හේතුවක් වෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.