UPDATE
පන්දුවාර විස්ස පිටිය තුළදී සිය ප්‍රභලතාව නැවතත් විදහා දක්වමින් සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් කඩුළු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ලකුණු 156 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 18.5 කදී කඩුළු 4 ක් පමණක් දැවී එය පසු කර යාමට සමත් විය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය සීක්කුගේ ප්‍රසන්න පන්දු 12 කදී ලකුණු 22 ක් ද තිසර පෙරේරා ලකුණු 4 ක්ද රැස් කලේය. ශ්‍රී ලංකා ඉනිමේ සුවිශේෂීම භූමිකාව රගපෑ කුසල් ජනිත් පන්දු 53 කදී ලකුණු 77 ක් වා්රතා කලේය. ඉනිමේ මැද පෙළ ශක්තිමත් කිරීමට කුසල්ට සහයක් දැක්වූ අසේල ගුණරත්න ලකුණු 17 ක් රැස් කලේය. ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ලබා ගත් 5 වැනි පන්දුවාර විස්ස ජයග්‍රහණය මෙය විය.
ශ්‍රී ලංකා ඉනිම 158/4 (පන්දුවාර 18.5)
කුසල් ජනිත් පෙරේරා - (නොදැවි) 77
උපුල් තරංග -24
දිල්ෂාන් මුණවීර - 8
අසේල ගුණරත්න - 17
සීක්තුගේ ප්‍රසන්න - 22
තිසර පෙරේරා (නොදැවී) - 4
ශ්‍රී ලංකා කන්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය 6 වැනි පන්දුවාර විස්ස අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය පන්දු 31 කදී වාර්තා වු ඔහුගේ අර්ධ ශතකය වාර්තා විය
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගයේ ලකුණු 156 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩාියම පන්දුවාර 11 ක් අවසනදි කඩුළු 2 ක් දැවී ලකුණු 92 ක් රැස් කරගෙන සිටියි. නොදැවී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙන අසේල ගුණරත්න ලකුණු 05 ක් ලබා සිටියි
සංචාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගයේ ලකුණු 156 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩාියම ලකුණු 50 සීමාව ඉක්මවා යාමට සමත් විය. පන්දු 25 කදී කිසිවකු මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා වූ අතර නොදැවී පන්දුවට පහර දෙන කුසල් ජනිත් ලකුණු 25 කද උපුල් තරංග ලකුණු 23 කද ලබා සිටියි.
ශ්‍රී ලංකාව හා සංචරක බංග්ලාදේශ අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 6 ක් දැවී ලකුනු 155 ක් ලබා ගත් හ. බංග්ලාදේශය සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ගිය මොසඩක් හුසේන් ලකුණු 34 ක් රැස් කළ අතර ඔහු මහමුදුල්ලා සමග හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සබදතාවක් පන්දු 42 ක් තුලදී පිහිටුවීමට සමත් විය. ශ්‍රී ංකාව වෙනුවන් ලසිත් මාලිංග කඩුළු 2 ක් දවා ගත් අතර විකුම් සංජය, සීක්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්න අතරේ කඩුල්ල බැගින් බිඳී ගියේය.
දැවි ගිය පිතිකරුවන්
දැවී ගිය පිතිකරුවන්
තමීම් ඉක්බාල් - 0
සබීර් රෙහෙමාන් - 16
සෞම්‍ය සර්කර් - 29
මුෂ්ෆිකර් රහීම් - 8
සකිබ් අල් හසන් -11
මහමුදුල්ලා -34
ශ්‍රී ලංකා පන්දු යැවීම
ලසිත් මාලිංග 2/38 (4), විකුම් සංජය 1/24 (4), අසේළ ගුණරත්න 1/24 (4), සීක්කුගේ ප්‍රසන්න 1/19 (4), නුවන් කුළසේකර 1/44 (4)
ශ්‍රී ලංකාව හා සංචරක බංග්ලාදේශ අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගයේ පන්දුවාර 15 ක් නිමා වන විටදී බංග්ලාදේශය කඩුළු 5 ක් දැවී ලකුණු 112 ක් ලබා සිටියි. බංග්ලාදේශ මැද පෙළ ඉනිම අඩාල කරමින් ලකුණු 25 ක් තුළ කඩුළු 4 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. කෙසේ වෙතත් 6 වැනි කඩු්ල්ලට යම් සාර්ථකත්වයක් පෙන්වූ මොසඩක් හුසේන් හා මහමුදුල්ලා ලකුණු 16 බැගින් ලබා සිටියි
දැවී ගිය පිතිකරුවන්
තමීම් ඉක්බාල් - 0
සබීර් රෙහෙමාන් - 16
සෞම්‍ය සර්කර් - 29
මුෂ්ෆිකර් රහීම් - 8
සකිබ් අල් හසන් -11
ශ්‍රී ලංකාව හා සංචරක බංග්ලාදේශ අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගයේ සාර්ථක දෙවැනි කඩුල්ලේ සබතාව බිඳ දමමින් සබීර් රෙහෛමාන් ලකුණු 16 කට දුවද්දී දවා ගැනීමට සීක්කුගේ ප්‍රසන්න සමත් විය. පළමු කඩුල්ල ලකුණු නොලබා සිටියදී දැවී යාමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 දී ලකුණු 57 ක සබඳතාවක් පැවැත්වීමට සෞම්‍ය සර්කාර් හා සබීර් රෙහෙමාන් සමත් විය.
නමුත් විකුම් සංජය යැවූ පස්වැනි පන්දුවාරයේදී සබීර් හා සෞම්‍ය දෙදෙනාම දැවී ගියේය.
දැවී ගිය පිතිකරුවන්
තමීම් ඉක්බාල් - 0
සබීර් රෙහෙමාන් - 16
සෞම්‍ය සර්කර් - 29
ශ්‍රී ලංකාව හා සංචරක බංග්ලාදේශ අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගයේ ආරම්භවර්ෂාව හේතුවෙන් මිනිත්තු 45 ක් පමණ ප්‍රමාද වූ අතර තමීම් ඉක්බාල් හා සෞම්‍ය සර්කාර් ඉනිම ආරම්ඵ කරමින් පිටියට පිවිසියහ. නමුත් තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම තමීම් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යැවීමට ලසිත් මාලිංග සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. එසේම මෙහිදී බංග්ලාදේශ කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක මශ්රෆී මොටාසා මෙම තරගාවලියෙන් අනතුරුව විස්සයි20 තරග වලින් විශ්‍රාම ගන්නා බවටද ප්‍රකාශ කළේය. කුසල් ජනිත් පෙරේරා තරගයට ක්‍රීඩා කිරීමට කැඳවා තිබේ. මෂ්රෆි බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවාර විස්ස තරග 52 කට සහභාගි වී කඩළු 39 ක් දවාගෙන ඇත්තේ 37.56 ක සාමාන්‍යයක් සහිතවය. එහිදී ලකුණු 368 ක් රැස් කීරීමට ද ඔහු සම්ත් වී ඇත.
කෙසේ වෙතත් තරගයේ ආරම්භයට බාධා වූ වර්ෂාව බාධා වුවත් මේ වන විට එය තුරල්ව ගොස් ඇත.
තමීම් ඉක්බාල් - 0
සබීර් රෙහෙමාන් - 16
සෞම්‍ය සර්කර් - 29
ශ්‍රී ලංකාව හා සංචරක බංග්ලාදේශ අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගයේ