ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (18දා) එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. ලසිත් මාලිංග හැරෙන්නට සෙසු ක්‍රීඩකයන් හෙට දිවයිනෙන් පිටත්වෙනු ඇත.
ලසිත් මාලිංග මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්ව ඇති හෙයින් එය අවසන් වූ වහාම ලසිත් මාලිංග ඉන්දියාවේ සිට එංගලන්තයට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (17දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අණාවරණය විය.