ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගට වෛරස් උණ රෝගයක් වැළදී ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව ඔහුට දින දෙකක විවේකයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද (01දා) නිවේදනය කළේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (02දා) ගාල්ලේදී පැවැත්වෙන තරගය මාලිංගට අහිමිවෙනු ඇති බවයි. මීට අමතරව දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන්ද වෛරස් උණ රෝගය වැළදී ඇත.