ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ වැඩිම ලකුණු පරතරයික් ලබාගත් ජයග්රහණය වාර්තා කිරීමට ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියනස් කණ්ඩායම ඊයේ (06දා) සමත්වූයේය.
ඒ තරගාවලියේ 45 වැනි තරගය ලෙසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර දිල්ලිහි ෆේරොස් ෂා කොට්ලා පිටියේ පැවැති තරගයේදී ලකුණු 146ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මුම්බායි කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 3ට ලකුණු 212ක් රැස්කළේය. ලින්ඩ්ල් සිමන්ස් (66), කිරන් පොලාඩ් (63) ඉනිමේ ඉහළම ලකුණු ලාභියෝ වූහ.
ලකුණු 213ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දිලිලි කණ්ඩායම ලකුණු 66ට සීමා කිරීමට මුම්බායි පන්දු යවන්නෝ සමත්වූහ.
මිචෙල් මැක්ලෙනහැන් (18/1), ලසිත් මාලිංග (5/2), හර්බජන් සිං (22/3) කර්න් ෂර්මා (11/3) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.
මෙම තරගයේදී ලසිත් මාලිංග IPL කඩුලු 150 සීමාව පසුකර ගිය අතර තරගාවලියේ එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ක්රීඩයාද මාලිංග වෙයි.