ශ්රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී විකට්ටුව වෙනස් කිරීම පිළිබඳව මීට පෙර ලසිත් මාලිංග බලධාරීන්ගේ අවධානය යොමුකළත් ඒ සඳහා කිසිවෙකත් පියවර නොගැනීය.
මේ පිළිබඳව බී.බී.සී. සිංහල පුවත් සේවය ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් විමසා ඇති විට ඔහු පවසා ඇත්තේ ලසිත් මාලිංග විවධ අවස්ථාවන්හි විවිධ ප්රකාශ කර ඇති බවයි.
"අපිට ඒ ප්රකාශ ගැන කියන්න දෙයක් නැහැ. අනික එයා කීප වතාවක්ම 'කියපු එක වැරදුනා' කියලා නැවත සමාව ගත්ත එක්කෙනෙක්," යනුවෙන් තිලංග සුමතිපාල පවසා ඇත.
අල් ජසීරා පුවත් ආයතනය ශ්රී ලංකාවේ සිදුවන තණ තීරු පාවාදීම පිළිබඳව විස්තරාත්මක වැඩසහනක් එළිදක්වා ඇත.