ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ඉන්දීය පන්දු යවන ජස්ප්‍රිට් භුම්රා කඩුලු පහක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අසරණ කළේය.
ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරයි. ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී මාලිංගගෙන් තමන්ට ලැබුණු ගුරු හරුකම් ගැන භුම්රා අනාවරණය කළේ, පෙරේදා (27දා) රාත්‍රියේ පල්ලෙකැලේ පිටියේ පැවැති මාධ්‍ය හමුවේදීය.
“මම 2013 වසරේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන විට මට අවුරුදු 19යි. මම පළමු පෙළ ක්‍රීඩා කර තිබුණේ නෑ. එහිදී මාලිංග සමග කතා කිරීමත්, ඔහුගෙන් ඉගෙන ගැනීමත් මට හැම අවස්ථාවකම වැදගත් වුණා” යැයි මාලිංග පිළිබඳව ඇති සබඳතාව පිළිබඳව අදහස් දක්වමින් භුම්රා පවසයි.
“අවුරුදු 3-4ක් ඔහු එහි සිටියේ.මම ඔහුගෙන් ගොඩක් ඉගෙන ගත්තා. එය මට ජාත්‍යන්තර පිටියට යන්න ගොඩක් උපකාරී වුණා. ඔබ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් සමග කතා කිරීමෙනුත් ඔබට ගොඩක් දේවල් ගන්න පුළුවන්. මම හිතනවා ඔබ ගන්න කුඩා දැනුමක් පවා ඔබට වැදගත් කියා.” වැඩිදුරටත් පවසා සිටියේය.