ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළ ප්‍රකාශය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ප්‍රකාශයක් බවට පත්ව තිබෙනවා. ඇමතිගේ ප්‍රකාශයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඊයේ (21දා) ශරීර යෝග්‍යතා පරීක්ෂණයක්ද පැවැත්වීය.
මේ සියල්ලම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන අවස්ථා කිහිපයකදීම සිය ට්විටර් ගිණුම හරහා අදහස් දැක්වීය. එහිදී සිය නවතම අදහස් දැක්වීමෙන් මහේල පවසන්නේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මෙන්ම අනෙකුත් සියල්ලම හොඳ මට්ටමක තිබිය යුතු බවයි.
එසේම ගැටලුවක් පවතීනම් එය පෞද්ගලිකව කතා කළ යුතු බව පෙන්වා දෙන මහේල වැඩිදුරටත් පවසන්නේ පොදු ජනතාව සිටින ස්ථානයන්හි මේ පිළිබඳව කතා කිරීම දේශපාලනය බවයි.