ඉන්දියානු රජය විසින් ඒ ඒ ක්ෂේත්රයන්ගේ විශිෂ්ටතා දැක්වූ ඉන්දීය සහ තෝරගත් විදෙස් වැසියන්ට පිදෙන පද්ම සම්මානය පිදීමට මෙවරත් තීරණය කර ඇත.
ඒ අතර ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිද සිටියි. ඒ අතර ප්‍රකට ක්ෂේත්‍ර සේම දේශීය වෛද්‍ය, සමාජ මෙහෙවර සේම කසළ කළමනාකරණ වැනි අංශ වෙතද අවධානය යොමුව තිබේ. ඒ අනුව විවිධ වූ සම්මාන කාණ්ඩවලට බෙදෙන පද්ම සම්මානලාභීන් 85ක් නම් කර තිබේ.
එයින් පද්ම විභූෂණ සම්මාන 03ක්, පද්ම භූෂණ සම්මාන 09ක් සහ පද්ම ශ්‍රී සම්මාන 73ක් ලෙසින් බෙදී වෙන්වෙයි. මෙහිදී ලෝ ප්‍රකට පද්ම විභූෂණලාභීන් අතර සංගීතවේදී ඉලෙයිරජා, හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතවේදී ගුලාම් මුස්තාෆා ඛාන් වෙයි. එසේම පද්ම භූෂණ සම්මානයෙන් පිදෙන මහෙන්ද්‍ර සිං දෝනි සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමුව තිබේ.