මෙවර අන්තර්පාසල් මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය සඳහා පසුගිය ලීග් ශූරයින් වූ කොළඹ රාජකීය විදුහල සහභාගි නොවන බව වාර්තා වේ.
ක්‍රීඩකයින් රැසක් ආබාධ තත්වයන්ට ලක් වීම නිසා මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව අනිද්දා (09) ආරම්භ වන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව (මූලික වටයේ) තරගයේදී රාජකීය විදුහල සමගින් තරග වැදීමට නියමිතව සිටි මහනුවර ධර්මරාජ විදුහලට නිතරඟ ජයක් ලබා දීමට තරග සංවිධායකයින් පියවර ගෙන ඇත.
මේ අනුව තරගාවලියට තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 7 දක්වා පහළ බැස ඇති අතර පසුගිය වර ශූරයින් වූ කොළඹ ඉසිපතන, මහනුවර ත්‍රිත්ව, බොරැල්ල වෙස්ලි, ගල්කිස්ස ශා.ජෝශප්, මරදාන ශා. ජෝශප්, මහනුවර ධර්මරාජ හා මහනුවර ශා. අන්තෝනි විදුහල් මේ සඳහා තරග වදිනු ඇත.