(VIDEO) ක්රිකට් ඉතිහාසයේ මෑත කාලීනව සිදුවූ වෙන්ස්ම දැවී යෑමක් පෙරේදා (23දා) එංගලන්ත කණ්ඩායම හා දකුණු අප්රිකානු කණ්ඩායම අතර පැවැති විස්සයි20 තරගයේදී සිදුවිය.
පන්දු රැකීමට බාධා කිරීම (obstructing the field) යනුවෙන් මෙම දැවීයෑම හඳුන්වයි. මෙහිදී ජේසන් රෝයි දිවගිය කඩුල්ල වෙත පන්දුව පන්දු රකින්නන් විසින් යොමුකළ අතර එහිදී පන්දුව ඔහුගේ ඇඟේ දැවටීම හේතුවෙන් කඩුල්ලට යොමු නොවුණි.
දකුණු අප්රිකානුවන් මෙය පිටියේ විනිසුරුවෙන් ඉල්ලීමක් කළ අතර පසුව පිටියේ විනිසුරන් සාකච්ඡා කර එය තෙවැනි විනිසුරට යොමු කළේය. තෙවැනි විනිසුරුගේ තීරණය වූයේ ඔහු දැවී ගිය ක්රීඩකයෙක් බවයි.
ජේසන් රෝයි පන්දුව දෙස බැලීමත්, ඔහු සිය අන්තය වෙනස් කරමින් තණ තීරුව හරහා මාරු වී දිවීමත් හේතුවෙන් ඔහුට මෙම තීන්දුව ලැබිණි. විස්සයි20 තරගයේ තීරණාත්මක අවස්ථාවකදි සිදුවූ මෙම දැවී යෑම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ ජයග්රහණයට බාධාවක්ද ඇතිවිය.
විස්සයි20 තරගයේදී දකුණු අප්රිකානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 174ට පිළිතුරු ලෙස එංගලන්තයට රැස්කළ හැකි වූයේ ලකුණු 171ක් පමණි. ක්රිකට් පිටියේදී මීට ඉහතදීත් මෙවැනි ආකාරයට දැවී යෑම් වාර්තා විණ.
VIDEO