ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නම් කළේය. සඳුදා (නොවැම්බර් 20) නම්කළ සංචිතයෙන් පළමු ටෙස්ට් තරගයේ වීරයා බවට පත්වූ භුවනේෂ්වර් කුමාර් මෙන්ම ආරම්භක පිතිකරු ශිකර් දවාන් එයින් නිදහස් කර ඇත.
ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික ඉල්ලීමක් අනුව මෙසේ දෙවැනි ටෙස්ට් තරගයට නම් කර නොමැත. භුවනේෂ්වර් තෙවැනි ටෙස්ට් තරගයටත් සළකා නොබලනු ඇත. දිල්ලි හි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැකි බව දවාන් පවසා තිබේ.
තමිල්නාඩු තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් නවක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට නම් කර ඇත. ඔහු ඉන්දීය ඒ කණ්ඩායම සමගින් පසුගිය කාලයේදී දක්ෂතා දැක්වීමට සමත්වූ ක්‍රිඩකයෙකි. ඔහු භුවනේෂ්වර් වෙනුවට නම් කර තිබේ.
භුවනේෂ්වර් කුමාර් දෙවැනි ඉනිමේදී ලකුණු 8ට කඩුලු 4ක් සමගින් කොල්කටා තරයේදී කඩුලු 8ක් දවාගත්තේය.
පළමු ඉනිමේදී ලකුණු 8කට දැවී ගිය දවාන් දෙවැනි ඉනිමේදී ලකුණු 94ක් රැස්කළේය. ඔහු රාහුල් සමග ආරම්භක විකට්ටුවට ශතක සබඳතාවක්ද පැවැත්වීය. දවාන් නොමැතිවීම හේතුවෙන් නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි තරගයේදී ආරම්භක පිතිකරු ලෙස මුරලි විජේ ක්‍රීඩා කරනු ඇත.
ඉන්දීය සංචිතය - විරාත් කෝලි ( නායක), ලෝකේෂ් රාහුල්, මුරලි විජේ, අජින්කේ රහාලේ (උපනායක), රෝහිත් ෂර්මා, රිද්දිමාන් සහා (කඩුලු රකින්නා) ආර්. අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව්, මොහොමඩ් සාමි, උමේෂ් යාදව්ථ ඉෂාන්ත් ශර්මා, විජේ ශංකර්