රාත්රී සමාජ ශාලාවක ගැටුමක් ඇති කර ගැනිමේ සිදුවම මත ඒංගලන්ත ජාතික කණ්ඩායමේ ක්රීඩකයින් ප්රභල ක්රීඩකයින් දෙපළක් වන ඇලෙක්ස් හේල්ස් හා බෙන් ස්ටෝක්ස් ට ලබා දුන් තරග තහනම දින නියමයක් නොමැතිව කල් දැමීමට එංගන්ත ක්රිකට් ආයතකයව පියවර ගෙන ඇත.
එංගලනත් ක්රිකට් අධ්යක්ෂ ඇන්ඩෘ ස්ට්රවුස් ගේ අධීක්ෂණය යටතේ මොවුන් දෙදෙනාට මෙම දඩුවම් නියම කොට ඇත.
පසුගිය සඳුදා සිදුවූ මෙම සිදුවීම අසල තිබූ කැමරාවක රූගත වී තිබූ අතර එහිදි ස්ටෝක්ස් යම් පුද්ගලයෙකු සමගින් ගැටුමක් ඇති කර ගනිමින් ඔහුට දිගට හරහට පහර දෙන ආකාරය සනිටුහන් වී ඇත.
එහිදී ඔහුගේ එම සමාජ ශාලාවේ ස්ටෝක්ස් සමග එක්ව රැදී සිටි ඔහුගේ කන්ඩායම් සඟයා වූ ඇලෙක්ස් හේල්ස් ඔහු ගැටුමින් වළක්වා ගැනීමට උත්සාහ කරන ආකාරයත් සනිටුහන් වී ඇත.
කෙසේ නමුත් මෙම සිදුවීම සිදුවූ වහාම ස්ටෝක්ස් ව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමටද ක්රියා කලේය.