ඉන්දීය ප්‍රීමියර් ලීග තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ 31 වැනි තරගයේ ලෙසින් මෙම තරගය ඊයේ (27දා) බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 134ක් ලබාගත්තේය. මෙම තරගයේදීත් බැංගලෝර් කණ්ඩායමේ සියල්ලන්ම දැවී ගිය අතර ඊට පෙරාතුව පැවැති තරගයේදීත් ඔවුන්ගේ කඩුලු සියල්ලම දැවී ගියේය. ඒ අනුව ඉන්දීය ප්‍රීමියර් ලීග තරගාවලියේ පිට පිටම තරග දෙකකදී බැංගලෝර් ක්‍රීඩකයන් සියල්ලම දැවී ගිය පළමු අවස්ථාව මෙය වෙයි.
බැංගලෝර් කණ්ඩායමේ කෙඩර් ජාඩෙව් (31) හා පවන් නේගි (32) එම ඉනිමේ ඉහළම ලකුණු ලාභියෝ වූහ. ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් ඇන්ඩෘ ටයි කඩුලු 3ක් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2ක් දවාගත්හ.
ලකුණු 135ක පහසු ඉලක්කයක් හඹා ගිය ගුජරාට් කණ්ඩායම පන්දුවාර 13.5කදී කඩුලු තුනක් පමණක් වැය කර එම ඉලක්කය පසුකර ගියේය. නායක සුරේෂ් රයිනා හා ආරෝන් ෆින්ච් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් පැවැත්වීය. පන්දු 34කදී හයේ පහර හයක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 72ක් රැස්කළ ආරොන් ෆින්ච් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.