ශ්‍රී ලංකාවේ රග්බි තරගාවලියකට සහභාගීවීම සඳහා පැමිණ සිටියදී හදිසියේ රෝගීව අසාධ්‍ය තත්වයට පත්ව මිය ගිය බි්රතාන්ය රගර් කි‍්‍රඩකයින් දෙදනා මියගොස් ඇත්තේ මධ්‍යසාර සහ විෂ මත්ද්‍රව්‍ය රුධිරගතවීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිකුත් කළ වෛද්‍ය සහතික වල සඳහන්ව ඇති බව කොටුව පොලීසිය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නාය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය රගර් කී‍්‍රඩකයින් රුදෙදෙනාගේ මෘත දේහයන් බි්රතාන්යයට යැවීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට නියම කළාය.
මරණකරුවන් වන බි්රතාන්ය ජාතිකයින් දෙදෙනා කොටුව ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටියදී පසුගිය (14දා) නිදා සිටියදී ඇඳෙන් බිමට වැටී හුස්ම ගැනීමේ අපහසුතාවයකින් සිටියදී අනෙක් කී‍්‍රඩකයින් විසින් මොවුන් දෙදෙනා පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට ඇති බවත් කාමර දෙකක වෙන් වෙන් වශයෙන් සිට ඇති මෙම කී‍්‍රඩකයින් දදෛනා රෝහල් ගතකිරීමෙන් අනතුරුව මුල් අවස්ථාවේදී හාවඩ් තෝමස් ඇන්ඩෲ යන අය මියගොස් ඇති බවත් ඊළඟ දිනයේදී බෙට් තෝමස් රීඩ් නමැත්තා මරණයට පත්ව ඇති බවත් කොටුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.