කලවේ ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.
එය මැතිව්ස් හා කාලයක් තිස්සේ පැවැති ආබාධයක් වූ අතර, මෙම ආබාධය සුව වීමට කණ්ඩායම් කළමනාකාරීත්වය සැලසුම් කළද, වැඩි කාලයක් ගතවනු ඇතැයි පැවසේ.
මින් පෙර පැවසූ පරිදි මැතිව්ස් දැනට ආරම්භ වී ඇති ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාසය පළ කළද, මේ වන විට පවතින තත්ත්වය අනුව මීළඟට පැවැත්වීමට නියමිත ඉන්දියාව හා බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලානයට වෛද්‍ය වාර්තා සළකා බැලීමෙන් අනතුරුව ඔහු සහභාගි වීම තීරණය වෙතැයි දැක්වෙයි.
බංග්ලාදේශ සංචාරය මැතිව්ස්ගේ කලවේ ආබාධය නිසා ඔහුට මගහැරෙන තෙවැනි තරගාවලිය වෙයි. ඒ පසුගිය වසරේ දකුණු අප්‍රිකා සහ ඉන්දියා තරගාවලිද ඔහුට මගහැරුණු බැවිනි. ඉන් පෙර 2016 වසරේදීද ඔහුට පාදයේ විවිධ ආබාධ නිසා සිම්බාබ්වේ සංචාරයක් අහිමි විය.
මැතිව්ස්ගේ අහිමි වීම නායකයෙකුගේ භූමිකාවටද සැලකිය යුතු ප්‍රශ්නයක් ඇතිකරයි. ටෙස්ට් සහ එක්දින නායකත්වයට විකල්පය ලෙස දිනේෂ් චන්දිමාල් එක්වුවද, විස්සයි විස්සට චන්දිමාල් ක්‍රීඩා නොකරන බැවින් බොහෝ දුරට එය තිසර පෙරේරාගේ නායාකත්වයට යටත් වෙතැයි විශ්වාස කළ හැකිය.
මාර්තු 08 වැනිදා නිදහස් කුසලානය ඇරඹීමට පෙර මෙම ටෙස්ට් තරගාවලිය අවසන් වූ පසු ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සමග විස්සයිවිස්ස තරග දෙකකටද සහභාගි වීමට නියමිතය.