බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳ අභ්‍යන්තරික දැනුම ලංකාවේ ජයග්‍රහණයට උදව්වක් වු බව ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (17දා) පැවසීය.
චන්දික හතුරුසිංහ බංග්ලාදේශයට වසර තුනක කාලයක් පුහුණුකරු ලෙසින් සේවය ලබාදෙමින් සිට පසුගිය ඔක්තෝබරයේ පසුබසිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකාරීත්වය දරන්නට හතුරුසිංහ එක්විය.
ඉන්පසු පැවැත්වුණු ටෙස්ට්, එක්දින සහ විස්සයිවිස්ස තරගාවලි සියල්ලෙන්ම සිය කණ්ඩායම ඉදිරියට ගෙනෙන්නට ඔහුගේ පුහුණුකාරීත්වය සමත් විය.
අවසානයට පැවති විස්සයිවිස්ස තරගය ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග අටක් එකදිගට පරාජය වෙමින් ගෙන ගිය නරක කාලය අවසන් කරන්නට සමත් විය. මෙය බංග්ලාදේශය පිළිබඳ දැන සිටි කාරණා ඉවහල් කර ලබාගත් ජයක්ද යනුවෙන් මාධ්‍ය ඇසූ පැනයට ඔහු 'සැබැවින්ම ඔව්' යනුවෙන් පිළිතුරු දී තිබුණි.
"අප විවිධ වූ ක්‍රීඩකයන්ට විවිධ වූ සැලසුම් තබාගෙන සිටියා. අප ඔවුන්ගේ පීඩනය හමුවේ ක්‍රීඩා කරන අයුරු මුලින්ම දැන සිටියා. කෙසේ හෝ මෙය මට පෞද්ගලිකව සතුටු විය හැකි තරගාවලියක්" යනුවෙන් හතුරුසිංහ වැඩිදුරටත් කරුණු දක්වා තිබිණි.
අද (18දා) දිනයේ පැවැත්වෙන අවසන් විස්සයිවිස්ස තරගයෙන් අනතුරුව මාසයක් පුරා පැවැත්වුණු බංග්ලාදේශ සංචාරය නිමාව දකිනු ඇත.