ශ්රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු වන චන්දික හතුරුසිංහගෙ පළමු තරගාවලිය වන්නේ ශ්රී ලංකාව, සිම්බාබ්වේ හා බංග්ලාදේශය අතර බංග්ලාදේශයේදී ආරම්භ විමට නියමිත තුන්කොන් එක්දින තරගාවලියයි. ජනවාරි මාසයේදි පැවැත්වෙන මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වන නව හතුරුසිංහ පවසන්නේ බංග්ලාදේශය පසුගිය වසර දෙක තුළදී රට තුළදී දක්ෂ කණ්ඩායමක් බවත් එම තරගාවලිය අභියෝගයක් බවත්ය.
"නැවතත් මට බංග්ලාදේශයට යෑමට සිදුවීම ගැන මට විශේෂයි. ” යැයි හතුරුසිංහ බ්රහස්පතින්දා (දෙසැම්බර් 28දා) කොළඹදී පැවැසීය. “ ඒක අභියෝගයක් වේවි. අපි අපේ ශක්තියෙන් ක්රීඩා කර නෑ. පසුගිය වසර දෙකේදී බංග්ලාදේශය ඔවුන්ගේ රට තුළ ශක්තිමත් වී තිබෙනවා. ඒක අපිට ලොකු අභියෝගයක්. සිම්බාබ්වේත් දැන් නැගී සිටිමින් ඉන්නේ. මම හොඳ තරගාවලියක් බලාපොරොතුතු වෙනවා.”
“මට විශ්වාසයි අපිට හොඳින් කරන්න පුළුවන්. මේ කණ්ඩායම තුළ දක්ෂතා දක්වන ක්රීඩකයින් ඉන්නවා. ඒ නිසයි මම මේ තනතුරට ආවේ. මට 100% ක් විශ්වාසයි අපිට හොඳ කණ්ඩායමක් බවට පත්වෙන්න පුළුවන්. කෙටි තරග වෙනුවෙන් වන පුහුණුවේදී අවතීර්ණ වෙන ආකාරයේ වෙනසක් ඕන. එයින් අපිට විශාල වෙනසක් කළ හැකි වේවි. ඔවුන්ගේ විශ්වාසය ඇති කරන්න අපි වටපිටාව වෙනස් කරන්න ඕන. අපි කොහොමද පුහුණු වෙන්නේ හා අපි කොහොමද සන්නිවේදනය කරන්නේ කියන කරුණු මත. ගොඩක් තොරතුරු හුවමාරු වෙනවා. ඒවා ගැන අපි ඉතාමත් ඉක්මිනින් වැඩ කළ යුතුයි.”