ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ‘A’ කණ්ඩායේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ (10දා) පැවති තරඟයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 40ක ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ‘A’ කණ්ඩයෙන් තරඟකල ඔස්ට්‍රේලියාවට මෙන්ම නවසීලන්තයට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර, එංගලන්තය සමඟින් බංග්ලාදේශ කණ්ඩායම අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබාගත්තේය.
එජ්බෙස්ටන් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් බිඳවැටී ලකුණු 277ක් ලබාගත්තේය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 40.2ක් වන විට වර්ෂාවෙන් තරඟයට බාධා ඇති වුණ අතර ඒ වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 04ක් බිඳවැටී ලකුණු 240ක් ලබා ගෙන සිටියේය.
මේ අනුව එම අවස්ථාව වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එංගලන්ත කණ්ඩායමට තරඟය ජය ගැනීම සඳහා ලකුණු 201 ලබා ගතයුතු ලකුණු සංඛ්‍යාව වන අතර ඒ වනවිටත් එංගලන්ත කණ්ඩායම ලකුණු 240ක් ලබා සිටීම හේතුවෙන් ලකුණු 40ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය.