නවසීලන්ත කණ්ඩායම පරාජය කර ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති පුහුණු තරගයෙන් ලකුණු 45ක (ඩක්වර්ත් ලුවිස්) ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ (28දා) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 38.4ක් අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 189ක් පමණි.
මෙහිදී සම්පූර්ණ නවසීලන්ත පිතිකරණ බලඇණිය ඉන්දීය පන්දු යවන්නන් දැඩි පීඩනය ඉදිරියේ දැඩි පීඩයනකට ලක්වීමට සිදුවිය. කෙසේ නමුත් සාර්ථකව පිත්ත හැසිර වූ ලූක් රොංකි ලකුණු 66ක් රැස්කරමින් නවසීලන්ත ගෞරවය රැකදුන් අතර, පසුපෙළ ශක්තිමත් කළ ජේම්ස් නීෂම් ලකුණු 46ක් රැස්කිරීමට සමත් විය. ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් ෂාම් (3/47) හා බුවනේෂ්වර් කුමාර් (3/28) කඩුලු 03 බැගින් බිඳලීමට සමත් විය.
මෙහිදී ලකුණු 190ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 26කදී කඩුලු 03ක් දැවී ලකුණු 129ක් රැස්කරගෙන සිටියදී වර්ෂාවෙන් බාදා ඇතිව තරගය නතර කිරීමට සිදුවිය. කෙසේ නමුත් ඒ වනවිට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව රැස්කරගෙන සිටිය යුතු ලකුණු සංඛ්‍යාව 85ක් වූයෙන් ලකුණු 45ක ජයක් ඉන්දියාව හිමිවිය.
ඉන්දියාව වෙනුවෙන් ලකුණු අතරට පැමිණි විරාට් කෝලි තරගය නතර කරන විට නොදැවී ලකුණු 52ක් රැස්කරගෙන සිටියේය. ඔහුට අමතරව ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ශිකර් දවාන් ලකුණු 44කින් දායක විය.
නවසීලන්තය 189/10 (පන්දුවාර 38.4)
ලූක් රොංකි 66 (63, 4x6, 6x2), ජේම්ස් නීෂම් නොදැවී 46 (47, 4x6), කොරී ඇන්ඩර්සන් 13 (20, 4x3), මිචෙල් සැන්ට්නර් 12 (29),මොහොමඩ් ෂාමි 3/47 (8), බුවනේෂ්වර් කුමාර් 3/28 (6.4), රවන්ද්ර ජඩේජා 2/8 (4)
ඉන්දියාව 129/3 (පන්දුවාර 26)
විරාට් කෝලි නොදැවී 52 (55, 4x6), ශිකර් දවාන් 40 (59, 4x5), එම්.එස්. දෝනි 17 (21, 4x2, 6x1), ටිම් සවුති 1/37 (7), ට්‍රෙන්ට් බෝල්ට් 1/34 (7), ජේම්ස් නීෂම් 1/11 (3)