ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම අතර ඊයේ (03දා) රාත්‍රියේ පැවැති තරගයෙන් පූනේ කණ්ඩායම කඩුලු 4ක ජයක් ලැබීය.
කොල්කටා පිටියේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ලකුණු 155ක් රැස්කළේය.
මනීෂ් පාණ්ඩේ (37), කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම් (36) හා සූර්යකුමාර් යාදව් (30) කොල්කටා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාවන් වාර්ත කළහ.
ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පූනේ කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු හක් දැවී ඉලක්කය පදුකර ගියේය. ආරම්භක පිතිකරු රාහුල් ත්‍රිපති ලකුණු 93ක් රැස්කරමින් තරගය ජය ගැනීමට අවශ්‍ය පදනම දැමීය. වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය.
තරගයේ වීරයා ලෙස ත්‍රිපති සම්මාන ලැබීය.