ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 24 වැනි තරගය ලෙසින් රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණඩායම අතර ඊයේ පැවැති තරගයෙන් කඩුලු හයක ජයක් ලැබිමට පූනේ කණ්ඩායම සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සන්රයිසස් කණඩායම ලකුණු 176ක් රැස්කිරීමට සමත්විය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මොයිසස් හෙන්රික්ස් පන්දු 28කදී ලකණු 55ක් රැස්කිරීමට සම්ත්විය. නායක ඩේවිඩ් වෝනර් ලකුණු 43ක් හා ආරම්භක පිතිකරු ශිකර් දවාන් ලකුණු 30ක් රැස්කළෝය.
ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි පූනේ කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ඉලක්කය සම්පූර්ණ කර ගත්තේය. තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 11ක් අවශ්‍ය වූ අතර අවසන් පන්දුවේදී අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව දෙකකි.
අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කිරීමට මහේන්ද්‍ර සිං දෝනි සමත්විය.ඔහු පන්දු 34කදී ලකුණු 61ක් රැස්කරමින් පූනේ කණ්ඩායමේ ජය තහවුරු කළේය. ඒ අනුව තරගයේ වීරයා ලෙසිනුත් ඔහු සම්මාන ලැබීය.ඔහුට අමතරව රාහුල් තිරුපති ලකුණු 51ක් රැස්කළේය.