1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ බහුතර ක්‍රීඩකයන්ගේ දායකත්වයෙන් පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් රැකබලා ගැනීම සඳහා අරමුදලක් පිහිටුවා තිබේ. ‘96 ලෙජන්ඩ් ස්කුවේයාර්’ නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය යන නමින් මෙම අරමුදලේ පළමු දායකත්වය ලබාදී ඇති අතර, 2021 දී වැඩ නිමවන එම නිවාස සංකීර්ණ ව්‍යාපෘතියෙන් රු. ලක්ෂ 500 ක මුදලක් අරමුදලට පරිත්‍යාග කිරීමට නියමිතය.
මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (05 දා) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති අතර, ඊට 1996 ලෝක කුසලාන තරගමාලාවේ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ බහුතර ක්‍රීඩක පිරිසක් එක්ව සිටියහ.
ඊට අමතරව මෙම නිවාස සංකීර්ණ ව්‍යාපෘතියට අනුග්‍රාහක දායකත්වය ලබාදෙන විල්ස් රියැල්ටර්ස් පුද්ගලික සමාගමේ නියෝජිතයෝද ඊට එක්ව සිටියහ.
මීට සිව් වසරකට පෙර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අවමංගල උත්සවයකට සහභාගිව සිටියදී ඔහුගේ පුතා කළ හැඟීම්බර කතාවක් හේතුවෙන් මෙවැනි පැරණි ක්‍රීඩකයන්ට අත්වැලක්, පිහටක් ලබාදීමට තමන් ඇතුළු 96 ලෝක කුසලාන කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් එක්ව මෙම අරමුදල පිහිටුවූ බව අර්ජුන රණතුංග මහතා එහිදී ප්‍රකාශ කළේය.
රාජගිරිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම නිවාස සංකීර්ණය සඳහා ගෘහනිර්මාණ ශිල්පී දායකත්වය ‘ඇවොන් ගාඩ් අර්ජුන් ඩිසයින් පාර්ට්නර්ශිප්’ සමාගම විසින්ද වෙළෙඳ සංකීර්ණය සුප්‍රසිද්ධ ‘ඒ.ආර්.කේ.ආකිටෙක්ට්ස් සමාගම’ විසින්ද දරනු ලබයි.
ඡායාරූප ශමීර රාජපක්ෂ