ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයට පළාත් පාසල් පාපන්දු ක්‍රීඩා තරග සඳහා පැමිණි පාසල් ක්‍රීඩකයන්ට, පරිපාලන අර්බුදයක් හේතුවෙන් ඊයේ (23දා) පෙරවරු 11.00 වනතෙක් ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවසර නොලැබීමෙන් ඔවුන්ට ක්‍රීඩාංගණයෙන් පිටත සිටින්නට සිදුවූ බව ක්‍රීඩකයෝ චෝදනා කරති.
ජාතික පාසල් ක්‍රීඩා තරගවලට සුදුස්සන් තෝරාගැනීමට පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබයි. සබරගමු පළාතේ ජාතික පාසල් සහ පළාත් පාසල් නියෝජනය කරන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊට සුදුසුකම් ලබා සිටියි. මෙම සිද්ධියට මුහුණදී තිබුණේ එම තරගවල පාපන්දු තරග සඳහා පැමිණි රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පාසල් පාපන්දු ක්‍රීඩකයන්ය.
පාපන්දු තරග සඳහා ඉදිරිපත් වන ක්‍රීඩා කණ්ඩායම් දුර බැහැර ප්‍රදේශවල සිට බස් රථ කුලියට ගෙන මෙම තරග සඳහා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයට ගියද, එහි පාලකයන් මෙම ක්‍රීඩකයන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩදී නොමැත.
සබරගමු පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ මහවැලි ක්‍රීඩාංගණය පාලනය වේ. එහිදී මහවැලි ක්‍රීඩාංගණයේ පාලකයන් පවසා ඇත්තේ, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන මෙම පාසල් ක්‍රීඩා සඳහා මහවැලි ක්‍රීඩාංගණය ලබාදෙන ලෙස පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තමන්ට දන්වා නොමැති බවයි.
ක්‍රීඩා තරග සංවිධායකයන් පැවසුවේ, බලංගොඩ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරග කාලගුණික හේතූන් නිසා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කළ බවයි. ඒ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (19දා) ලිඛිතව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා යැවූ බවයි.
එහෙත් නිවාඩු දින දෙකක් ඒ අතර තිබූ නිසා, රුපියල් 25,000ක ඇප මුදල තැන්පත් කළ යුතු බවට වූ දැනුම්දීම තමන්ට නොලැබුණ බවත්, එම නියෝගය ක්‍රීඩා තරග පටන් ගත් ඊයේ (23ද) ලැබුණ පසු, රත්නපුර නව නගරයේ සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ තැන්පත් කළ බවද තරග සංවිධායකයෝ පැවසූහ.
කෙසේ වෙතත් එකම පළාත් සභාවේ අමාත්‍යාංශයක්, එම පළාත් සභාවේම වෙනත් අමාත්යාංශයකයට මේ ආකාරයෙන් සැලකීම පළාතේ මහජනයාට කළ නොසලකා හැරීමකැයි ජනතාව චෝදනා කරති. මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කළ විමසුමකදී, එහි උසස් නිලධාරියෙක් පැවසුවේ, මෙම ක්‍රීඩා තරග සඳහා මහවැලි ක්‍රීඩා පිටිය වෙන් කරගැනීමේ ක්‍රමවේදය ක්‍රීඩා සංවිධායකයන් විසින් නිසි ලෙස අනුගමනය නොකිරීම ගැටලුවට හේතුව බවයි.
අදාළ ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු ඊයේ (23දා) පෙරවරු 11.00 වනවිට ක්‍රීඩා තරග ආරම්භ කිරීමට අවසර දුන් බව එම ප්‍රකාශකයා පවසා සිටියේය.
එහෙත් ක්‍රීඩා තරග සංවිධායකයන් පැවසුවේ, පෙරවරු 11.00 වනවිට ක්‍රීඩා පිටියට ඇතුළුවීමට අවසර දුන්නද, ක්‍රීඩා තරග පටන් ගැනීමට මහවැලි ක්‍රීඩාපිටිය බාර පාලකයන් ඉඩ නොදුන් බවයි.
පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දැනුම්දීම ලැබෙන තෙක් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට අවසර දිය නොහැකි බව ඔවුන් පැවසූ බව සංවිධායකයෝ පැවසූහ. කෙසේ නමුත් මධ්‍යහ්න 12.00ට තරග ආරම්භ කළේය.
අජිත්ලාල් ශාන්තඋදය / කොලොන්නේ ජේ. නානායක්කාර