ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට එහි හිටපු සභාපති අනුර ද සිල්වා මහතා පිට පිට දෙවැනි වරටත් තේරී පත් විය. ඒ මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලයේ පැවැත්වෙන නිලවරණයේදීය.
2017-2021 වර්ෂයන් වෙනුවෙන් නිළධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීම උදෙසා පැවැත්වෙන නිළවරණයේදී අනුර ද සිල්වා මහතා ඡන්ද 104 ක් ලබා ගනිද්දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රංජිත් රුද්‍රිගු මහතා ලබා ගත්තේ ඡන්ද 79 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 25 කින් අනුර මහතාගේ සභාපති ධුරය ස්ථිර වී ඇත.
අනුර මහතා 2015 වර්ෂයේ සිට මේ දක්වා ද සම්මේලනයේ සභාපති ධුරය දැරීය.
මේ අතර සම්මේලනයේ ලේකම් ධුරය ජස්වර් ඔමාර් හට නිතරඟයෙන් හිමි වූයේ ඔහු හා එම තනතුරට තරග වැදි ට්‍රෙවර් රෙකමන් මහතා සිය නාමයෝජනාව ඉවත් කරගෙන ඇති බැවිනි. ජස්වර් මහතා මීට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.
සම්මේලනය සඳහා නව නිළධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීම මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.