පාපන්දු තරගයක තරග කාලය වෙනස් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලන මණ්ඩලයේ (IFAB/International Football Association Board) අවධානය යොමු වි ඇත.
එම සම්මේලනයට දැනට යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇති මෙම කරුණට අනුව දැනට මිනිත්තු 45 අර්ධයන් දෙකක් ලෙසින් ක්රීඩා කරන තරගයක් මිනිත්තු 30 අර්ධයන් දෙකක් ලෙස පැවැත්වීමට යොජනා වී ඇත.
ඒ අනුව සමස්ථ තරගයේ තරග කාලය මිනිත්තු 90 සිට 60 දක්වා අවම වනු ඇත.
අන්තර්ජාතික පාපන්දු ක්රීඩාවේ නීතිරීති පිළිබඳ තීරණ ගැනීමේ බලය හිමි මෙම මණ්ඩලය මගින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ දැනට පාපන්දු ක්රීඩා කරන කාල සීමාව වැඩි බවත් එය කාලය නාස්ති කිරීමක් බවත්ය.