පානදුර රාජකීය විදුහලේ විදුහල්පති කේ.ආර්. ප්‍රේමතිලක මහතාගේ ලිඛිත දැනුම්දීමකට අනුව, එම විදුහලේ වයස 15න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් සිවුදෙනකුට කළුතර දිස්ත්‍රික් වයස 15න් පහළ ක්‍රිකට් සංචිතයේ දොරගුළු වැසීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයන්ගේ දෙමවුපියන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් බව 'අද'ට වාර්තා වේ. මෙම ක්‍රීඩකයන් අතර
ශ්‍රී ලංකා වයස 15න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකුද සිටීම සුවිශේෂිය.
කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු අජිත් වීරසිංහ මහතා වෙත පානදුර රාජකීය විදුහලේ විදුහල්පතිවරයා නිකුත් කළ ලිපියෙන් අදාළ ක්‍රීඩකයන්, කළුතර දිස්ත්‍රික් පුහුණුවීම් සඳහා සහභාගි කර නොගන්නා ලෙස දැනුම්දී තිබේ.
විදුහලේ පුහුණුවීම්වලට සහභාගි නොවන බැවින් එම ක්‍රීඩකයන් කළුතර සංචිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
කළුතර දිස්ත්‍රික් පුහුණුකරු අජිත් වීරසිංහ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවසා ඇත්තේ, එම ක්‍රීඩකයන් සිවුදෙනා තම කණ්ඩායමේ අනිවාර්යයෙන්ම සිටිය යුතු දක්ෂ ක්‍රීඩකයන් බවත්, මෙම තත්ත්වය හමුවේ තම කණ්ඩායම දුර්වල වීමට ඉඩ ඇති බවත්ය.
මේ පිළිබදව අප පානදුර රාජකීය විදුහලේ විදුහල්පතිවරයාගෙන් විමසීමක් කළ අතර, එහිදී හෙතෙම පවසා සිටියේ, පාසල් විනය නීතිරීති මත අදාළ තීරණය ගත් බවයි.
වයස 15න් පහළ ක්‍රීඩා කරන මෙම කනිෂ්ඨ ක්‍රීඩකයන්ට වයස 19න් පහළ පුහුණුවීම් සඳහා පැමිණෙන ලෙස විදුහලේ ක්‍රිකට් පුහුණුකරුවෙකු සහ විදුහල්පතිවරයා බලපෑම් කර තිබේ. එහෙත් මෙම ක්‍රීඩකයන්ගේ දෙමවුපියන් ඊට විරෝධය දක්වමින් ක්‍රීඩකයන් වයස 19න් පුහුණුවීම්වලට සහභාගි කරවීම ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩකයෙකුගේ මවක් පැවසුවේ, තම දරුවන් වයස 15න් පහළ පුහුණුවීම්වලට සහභාගි වී එම තරගාවලිය අවසන් කර ඇති බවත්, 19න් පහළ තරගාවලියට සහභාගි කරවීමේ බලාපොරොත්තුවක් නොමැති බවත්ය.
“අපේ දරුවෝ දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ, ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව දරාගන්න හැකි වෙන්න ඕනේ. 19න් පහළ තරගාවලියට සහභාගි වුණොත්, ඔවුන්ට ක්‍රිකට් එපා වෙනවා. අපේ දරුවෝ අධ්‍යාපනයටත් දක්ෂයි. එහෙම වුණොත් ඔවුන්ගේ අධ්‍යාපනයත් කඩා වැටෙනවා” යැයි එම මව වැඩිදුරටත් පැවසුවාය.
මේ සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමට ක්‍රිකට් බලධාරීන් හෝ අධ්‍යාපන බලධාරීන් අපොහොසත් වීමෙන් නැගී එන මෙවැනි තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගිලිහී යාමට ඉඩ තිබේ. එසේ වුවහොත් අදාළ බලධාරීන් ඊට වගකිව යුතු අතර, මෙවැනි අඩුපාඩු නිවැරදි කිරීමටවත් අඩුම තරමේ වගබලා ගත යුතුය. ඒ මෙරට ක්‍රිකට් අනාගතය රැඳී තිබෙනුයේ මෙවැනි අංකූර ක්‍රීඩකයන් සතුව වන හෙයිනි.