පළමු ඉනිම් දෙක තුළදී කණ්ඩායම් දෙකේ වෙනස ලකුණු තුනකි. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රතිඵලයක් ලබා ගත හැකිනම් එය කළ හැකි එකම ක්‍රමය ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමයි. පාකිස්තානය මේ දක්වා එය කර තිබේ.
සිවුවැනි දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකාව කඩුලු 4ට ලකුණු 69ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පාකිස්තානයට වඩා ලකුණු 66ක් ඉදිරියෙන් තිබේ. ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කළ යසීර් ෂා මේ දක්වා කඩුලු දෙකක් දවාගෙන තිබේ.
ශ්‍රී ලංකාවට තරගය බේරා ගැනීමට අවශ්‍ය නම් ලකුණු 16ක් ලබා නොදැවී පිටියේ රැඳි සිටින කුසල් මෙන්ඩිස්ට හා තවමත් පිටියට පැමිණීමට නියමිත නිරෝෂන් දැක්වැල්ලට වැඩි වගකීමක් කණ්ඩායම වෙනුවෙන් ඉටු කිරීමට සිදුවෙනු ඇත. දිනය අවසන්වන විට කුසල් මෙන්ඩිස් සමග මුරකරු පිතිකරු ලෙස සුරංග ලක්මාල් ක්‍රීඩා කරමින් සිටියේය.
පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවේ වීරයන් වූ දිනේෂ් චන්දිමාල් (07), දිමුත් කරුණාරත්න (10) දැනටමත් දැවී ගොස් තිබේ. පළමු ඉනිමේදී චන්දිමාල් නොදැවී ලකුණු 155ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 93ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ලකණු 419ක් දක්වා ගෙන ආවේය.
රංගන හේරත් විසින් ආසාර් අලීගේ ලකුණු 83ක ඉනිම අවසන් කළ පසු ශ්‍රී ලංකාව යම් තරමක වාසියක් ලබාගන්නා අයුරු පෙනෙන්ට තිබුණත් සිය මංගල ටෙසට් ඉනිම ක්‍රීඩා කළ හැරිස් සොහායිල්ගේ ලකුණු 76 සමග පාකිස්තානය ශක්තිමත් විය. පන්දුවාර 40ක් යොමුකළ රංගන ලකුණු 93ට කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය.
සොහායිල්ගේ ඉනිම ක්‍රියාත්මක නොවුණානම් පළමු ඉනිමේ වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිව තිබුණි. කෙසේ වෙතත් පාකිස්තානය සිය පළමු ඉනිම ලකුණු 422ක් ලෙස නිම කළේය. හැරිස් පළමු පෙළ තරග සඳහා වසර තුනක් ක්‍රීඩා කර නොතිබීම හෙතුවෙන් ඔහු කණ්ඩායමට තෝරා ගැනීම පිළිබඳව විවේචන එල්ල වූ අතර තේරීමට සාධාරණයක් ඉටු කළ හැරිස් අවසන් පිතිකරුවන් 4 දෙනා සමග එක්ව පාකිස්තායට ලකුණු 106ක් ලබා දුන්නේය.
සිවුවැනි දිනය ආරම්භයේ පටන් පාකිස්තානයට පීඩනයක් එල්ල කිරිමට රංගන හේරත් සමත්විණ. ඔහු අසාර් දවාගැනීමට සමත්වු අතර නායක සෆ්රාස්ගේ ඉනිම සුරංග ලක්මාල් අවසන් කළේය. ඉන් අනතුරුව ලක්මාල් අමිර්ගේ ඉනිම අවසන් කළ අතර ඒ අනුව පාකිස්තාන ඉනිම ලකුණු 316/6 ක් හා 326/7ක් ලෙස දිස්විය.
පසුව යසීර් ෂාගේ ඉනිම ඉනිම අවසන් කිරීමට රංගන සමත්වූ අතර ඒත් සමගින් පාකිස්තාන ඉනිම ලකුණු 340/8ක් ලෙස දිස්විය. නමුත් පසුව හසන් අලී ක්‍රියාත්මක වෙමින් රංගනන හේරත්ට දැවැන්ත හයේ පහර තුනක් එල්ල කිරිමට සමත්වූ අතර ඉන් දෙකක්ම එක් පන්දුවාරයකදි පැමිණියේය. සිය 84 වැනි ටෙස්ට් තරගයේදී 32 වැනි කඩුලු පහ දවාගැනීමට හේරත් සමත්වූයේ හසන් අලී දවා ගනිමිනි.
අවසන් කඩුල්ලට තවත් ලකුණු 32ක් රැස්කිරීමට සොහායිල් කටයුතු කළේ සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමිනි.ශ්‍රී ලංකාව වෙනුවෙන් හේරත් කඩුලු ලබා ගැනීමෙන් පෙරමුණ ගත් අතර ණුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් කඩුලු දෙක බැගින් දවා ගත්තේය.
පාකිස්තානය ලකුණු 3ක් ඉදිරියෙන්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පකිස්තාන කණ්ඩායම අතර අබුඩාබි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 422ක් රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 419ක් රැස්කළේය. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ලකුණු 3ක් ඉදිරියෙන් සිටියි. පාකිස්තානය වෙනුවෙන් ශාන් මසූඩ් (59), සාමි අස්ලාම් (51), අසාර් අලී (85), හැරිස් සොහායිල් (76) අර්ධ ශතක වාර්තා කිරීමට සමත්විය.
මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් සිය ටෙස්ට් දිවියේ 32 වැනි කඩුලු පහ දවා ගැනීමට සමත්වූයේ පාකිස්තානයේ කඩුලු 5ක් ලකුණු 93කට බිඳ දමමිනි.