ශ්‍රී ලංකාව හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරග තුනෙන් එක් තරගයක් ලාහෝර් නුවර පැවැත්වීම පිළිබඳව දෙරටේ අවධානය යොමුවී තිබේ.
මේ අතර තවත් තරගයක් කරච්චි නුවරටත් අවශ්‍ය බව එහි නගරාධිපති වසීම් අක්තාර් සඳහන් කරයි.
2009 වසරේදී පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයකට එක්වෙන්නේ මෙම තරගය හරහාය.
කෙසේ වෙතත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ දැනට ලාහෝර් නුවර තරගයක් පැවැත්වීම කෙරෙහි පමණක් අවධානය යොමුව ඇති බවයි.
කරච්චි ක්‍රීඩාංගණයේද අවසන් වරට ජාත්‍යන්තර තරගයක් පවත්වා ඇත්තේ 2009 වසරේ පෙබරවාරි මාසයේදීය. ඒ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති එක්දින තරගාවලියේදීය.