(UPDATE) ඒක්දින ක්රිකට් පිටියේ ඉතිහාසයේ දරුණුම පසුබෑම පෙන්නුම් කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පිට පිටම නමවැනි එක්දින තරගයත් පරාජයට පත්විය. ඒ පාකිස්තානය හා ශ්රී ලංකා කණ්ඩායම අතර ඩුබායිහි පැවැති දෙවැනි එක්දින තරගයේදිය. තරගයේ මුලින්ම පනදුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 219ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 20ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 187ක් පමණි. නායක උපුල් තරංග ලකුණු 112ක් රැස්කරගෙන නොදැවි පිටියේ රැඳී සිටියේය.
ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පාකිස්තානය ඉදරියෙන් සිටියි.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහි පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සර්ෆාස් අහමඩ් මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළේය. කණ්ඩායම් දෙකම දෙවැනි තරගය සඳහා වෙනස්කමකින් තෙරව එක්ව තිබේ.