පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් විශ්‍රමා ගත් මිස්බා උල් හක්ගේ හා යුනිෂ් ඛාන්ගේ ස්ථානයන් වෙනුවෙන් ගැලපෙණ පිතිකරුවා ලෙස තමා බව පසක් කරමින් පාකිස්තානය බේරා ගැනීම සඳහා තවත් විශිෂ්ඨ ඉනිමක් අසාර් අලි සෙනසුරාදා (සැපැත්ම්බර් 30දා) දියත් කළේය.
සෙයිඩ් ශායෙඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත්වූ අසාර් ලකුණු 74ක් නොදැවී රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම 266/4 ලෙස හොඳ තත්ත්වයකට ගෙන ආවේ ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 419ට සාර්ථක පිළිතුරක් ලබාදෙමිනි.
හොඳින් පන්දුවට පහරදෙමින් සිටි බාබර් අසාම් තරගයේ අවසන් පන්දුවාරය යොමුකළ ණුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 28ක් රැස්කරගෙන සිටින විටදීය. පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 153ක් පසුපසින් සිටින්නේ කඩුලු හයක් අතැතිවය.
මේ වන විට අසාර් පාකිස්තානයේ ඕනෑම පිතිකරුවෙකුට වඩා ලකුණු රැස්කරගමින් සිටින අතර පසුගිය වසරේදී ඔහු ටෙස්ට් තරග 11කදී ලකුණු 1198ක් රැස්කිරීමටත් සමත්විය. එමෙන්ම කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දිවා රාත්‍රී ටෙස්ට් තරගයෙද් ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට ඔහු සමත්විය.ඒ වගේම ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව මෙල්බර්න්හිදි සටන්කාමී ද්විත්ව ශතයක්ද ඔහු රැස්කිරිමටද සමත්විය. මේ ඉනිමට පෙරාතුව ටෙස්ට් තරග හතරකදි ඔහු ලබාගෙන තිබුණේ ලකුණු 342ක් පමණි.
ඉනිමත් සමග ඔහු පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්මවා යෑමටත් සමත්විය. ඒ අනුව ඔහු එවැනි දක්ෂතාවක් දැක්වූ අට වැනි පාකිස්තාන පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්විය. ඒ වගේම ටෙස්ට් ලකුණු 5000 වේගයෙන්ම රැස්කළ සිවුවැනි පිතිකරුවාද ඔහු විය. යුනිස් (10099), ජාවෙඩ් මියන්ඩාඩ් (8832), ඉන්සමාමුල් හක් (8826), මොහොමඩ් යූෂෆ් (8029), මොහොමඩ් යූෂෆ් (7530), සලීම් මලික් (5768), මිස්බා (5222), සහීර් අබ්බාස් (5062) ක්‍රීඩකයෝ වූහ.
පාකිස්තාන ආරම්භක පිතිකර වන් වූ ශාන් මසූඩ් (59), සාමි අස්ලාම් (51) ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 114ක සබඳතාක් පැවැත්වීය. නමුත් එම සමබඳතාව දිවා ආහාරයෙන් පසුව අවසන්විය.
රංගන හේරත්ගේ පන්දුවකට අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් අසාඩ් ශාෆික් ලකුණු 39කට දැවී ගියේය. බ්‍රිස්බේන් හි රැස්කළ සටන්කාමී ලකුණු 127ට පසුව ශාෆික් ඉනිම 10කදී රැස්කළ ඇත්තේ එක් අර්ධ ශතකක් පමණි. ඒ පාකිස්තානය ඔහුගෙන් අපෙක්ෂා කරන මට්ටම නොවේ.
අසාර් පැමිණිමට මත්තෙන් මසූඩ් හා අස්ලාම් හොඳ පදනමක් දමාත තිබුණි. ඒ පාකිස්තාන පුහුණුකරු මිකී ආතර් ලබාදුන් විශ්වාසයත් සමගිනි. නායක සර්ෆාස් අහමඩ් සිය ක්‍රීඩකයන්ව අභිප්‍රේරණය කරයි. කෙසේ වෙතත් ඔවුන්ට සිය ලකුණු ශතකයක් කරා පරිවර්තනය කර ගැනීමට නොහැකිවිය. අස්ලාම් සිය 7 වැනි අර්ධ ශතකය රැස්කළ අතර මසූඩ් රැස්කළේ සිය තෙවැනි අර්ධ ශතකයයි.
පාකිස්තාන වේග පන්දු යවන්නනට වඩා හොඳින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යොමුකළේ. ණුවන් ප්‍රදිප් නිසියාකාරව පන්දුව රිවර් ස්වීන්ග් කළ අතර සුරංග ලක්මාල් ඉලක්කයට පන්දුව යොමු කළේය. නමුත් පාකිස්තානය මෙහිදී රැඳී පවතින්නේ අසාර් හා සෆ්රාස් හෙට දිනයේදී පාකිස්තානය ලබාගන්නා වැඩි ලකුණු සංඛ්‍යාව අනුවයි.