පාකිස්තානය තුළ යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රියාත්මක වීම දැකීම සතුටක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි. පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර 2009 වසරෙන් පසුව පාකිස්තානයේ පැවැති විස්සයි20 ක්‍රිකට් තරගය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සංගා මේ බව සඳහන් කරයි.
එසේම පාකිස්තාන කණ්ඩායම පාකිස්තායේදී නැවත වරක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැකීම සතුටක් බවත් ඔහු පවසයි. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් අතර සංගාද විය.
කෙසේ වෙතත් පාකිස්තාන සුපර් ලිගයේ පසුගිය තරග වාරයේදී එහි අවසන් මහ තරගය පාකිස්තානයේදී පැවැත්වුණ අතර ඒ සඳහා එක්වීමට සංගක්කාර සිය අකමැත්ත ප්‍රකාශ කළේය.