ක්‍රිකට් ක්‍රීඩකයන් පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරිමත් සමග ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට (16දා) ලබාගැනීමට නියමිතය.
එසේම පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයෙක් පාකිස්තානයට නැවත වරක් යොමුකිරමටත් ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා විදේශීය මාධ්‍ය වෙත පවසා තිබුණේ හොඳම කණ්ඩායමක් පාකිස්තානයට යොමුකිරීමට කටයුතු කරන බවත් තමන්ද ඒ සමගින් ලාහෝර් නුවරට යෑමට අපෙක්ෂාවෙන් සිටින බවත්ය.