ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටු සාමාජික (EXCO COMMITTEE MEMBER) ප්රියන්ත අල්ගම මහතා තමන් ක්රිකට් ආයතනය තුළ දැරූ ක්රිකට් විධායක කමිටු සාමාජික ධුරයෙන් ඉදිරියේදී ඉල්ලා අස්වීමට නියමිත බව ‘අද’ට වාර්තා වේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ක්රියාපටිපාටි පිළිබඳ එතරම් සුබවාදී ආකල්පයක නොමැති ඔහු, විධායක කමිටු සාමාජික ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ කලකිරීමෙන් යුක්තව බවද වාර්තා වෙයි.
ඒ අතර වත්මන් පරිපාලනය ක්රිකට්වල මතුව තිබෙන ගැටලුවලට මෙන්ම ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පසුබැස්මටද ඍජුව සහ ස්ථිරව විසඳුම් ලබාදීමට මෙතෙක් අපොහොසත්ව ඇති හෙයින් එවැනි පරිපාලනයක් හා සම්බන්ධව එකට වැඩ කිරීමට වඩා ඉන් ඉවත්ව සිටීම උචිත හෙයින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් අනාවරණය වේ.
මේ අනුව ඉදිරි දින කිහිපයේදී අල්ගම මහතාගේ ඉල්ලා අස්වීම ක්රිකට් බලධාරීන් වෙත යොමු කිරීමට නියමිත බව 'අද'ට වාර්තා වේ. ප්රියන්ත අල්ගම මහතාට පෙර ශ්රී ලංකා ක්රිකට් උපසභාපතිවරයෙකු වූ ජයන්ත ධර්මදාස මහතාද මේ ආකාරයෙන්ම වත්මන් පරිපාලනයේ ක්රියාපටිපාටිය පිළිබඳ කලකිරීමට පත්ව ඉල්ලා අස්විය. කෙසේ වෙතත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට මේ වනතෙක් ප්රියන්ත අල්ගම මහතාගේ ඉල්ලා අස්වීම ලැබී නොමැත.