පළාත් ක්‍රීඩා සංකිර්ණ සුගතදාස ක්‍රීඩා අධිකාරිය යටතට ලබාගෙන පරිපාලනය හා නඩත්තු කටයුතු සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. එසේ ලබාගතත්ත් පළාත් ක්‍රීඩා සංකීර්ණවල අයිතිය පළාත් සභා සතුවම පවතින බව ඔහු පැවැසීය.
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව අද (08දා) පැවැසීය.
එසේම මේ වන විට නවීකරණය කරන සුගතදාස ධාවන පථය දෙසැම්බර් මාසයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිත කිරීමට හැකිවෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.