සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර කටක්හි පැවැති පළමු වැනි විස්සයි20 තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටත් ඉන්දීය කණ්ඩායම සමත්විය.
ලකුණු 181ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 16කදී ලකුණු 97ට සීමා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක තිසර පෙරේරා ඉන්දියාවට මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන්නේය. එ අනුව කඩුලු තුනකට ඉන්දියා ලකුණු 180ක් රැස්කළ අතර ලෝකේෂ් රාහුල් 61, එම්.එස්. දෝනි 39*, මනීෂ් පාණ්ඩේ 32* ඉහළම ලකුණු ලාභියෝ වූහ.
මැතිව්ස්, තිසර පෙරේරා හා නුවන් ප්රදීප් එක් කඩුල්ල බැගින් දවාගත්හ.
ලකුණු 181ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 16දී ලකුණු 93කට සීමා විය. දික්වැල්ල 13, තරංග 23 හා කුසල් පෙරේරා 19 ශ්රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියෝ වූහ.
චහාල් කඩුලු තුනක් හා පාණ්ඩ්යා කුල් තුනක් දවාගත්හ.