සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (26දා) පැවැති පළමු එක්දින තරගයෙන්ද කඩුලු හතක පහසු ජයක්වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායකයාගේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී ලකුණු 102ක් රැස්කළේය.
සීක්කුගේ ප්රසන්න 23* හා සදීර සමරවික්රම 23 ශ්රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියෝ වූහ. හසන් අලී කඩුලු තුනක් දවාගත්තේය.
ලකුණු 103ක පහසු ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 17.2කදී කඩුලු තුනක් දැවී ලකුණු 103ක් රැස්කරමින ඉලක්කය සම්පූර්ණ කළේය.
සොයිබ් මලික් 43* හා මොහොමඩ් හෆීස් 25* පාකිස්තාන ජයග්රහණය තහවුරු කළහ.