ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවති දෙවැනි අදියරේ පළමු දිනයේ එක් එක් කාණ්ඩයන්හි පෙරමුණ ගැනීමට වෝකර්ස් සී.එම්.එල්. වයිපර්ස්, ඊසි. වොල්ව්ස්, ඇක්සස් කිංග්ස් හා කේ.බී.එස්.එල්. ඩ්‍රැගන්ස් සමත් වීය.
මෙහිදී %ඒ^ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන වෝකර්ස් සී.එම්.එල්. වයිපර්ස් හා ඊසි. වොල්ව්ස් පළමු වටයේදී තමන් සහභාගි වූ තරග තුනෙන් දෙක බැගින් ජයග්‍රහණය කොට ඇති අතර %බී^ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ඇක්සස් කිංග්ස් හා කේ.බී.එස්.එල්. ඩ්‍රැගන්ස් ද තමන් සහභාගි වූ තරග තුනෙන් දෙක බැගින් ජයග්‍රහණය කොට ඇත.
මේ අතර තරගාවලියේ 18 න් පහළ පාසල් කණ්ඩායම් අතර තරගයේ %ඒ^ හා %බී^ කාණ්ඩයන්හි පෙරමුණ ගැනීමට පිළිවෙලින් මහනුවර කිංග්ස්වුඩ් හා මරදාන ශා. ජෝශප් විදුහල සමත් වී ඇත්තේ පළමු දිනයේ තමන් සහභාගි වූ සියළුම තරග ජයගනිමිනි.
මේ අතර කාන්තා කණ්ඩායම් සඳහා පැවති තරගයේදී තමන් සහභාගි වූ තරග දෙකම ජයගත් නාවික හමුදා කණ්ඩායම එහි පෙරමුණ හිමි කර ගෙන ඇත.
මෙහි සියළුම අවසන් තරග අද (16) දා පැවැත්වේ.
පාසල් අංශයේ තරග අවස්ථාවන්
කාන්තා අංශයේ තරග අවස්ථාවක්
ක්‍රීඩා සමාජ අංශයේ තරග
ඡායාරූප- ඕෂිත වරකපිටිය