ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය ආරම්භ කරමින් මුම්බායි ඉන්දියනස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ (07දා) පැවැති තරගයෙන් චෙන්නායි කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර පන්දු යැවීමේ උපදේෂකයෙක් ලෙස ලසිත් මාලිංග කටයුතු කරයි.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 4ට ලකුණු 165ක් රැස්කළේය.
චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 9ක් වැයකර ලකුණු 169ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
චෙන්නායි කණ්ඩායමට අවසන් පන්දුවාර දෙකේදී තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 27ක් අවශ්‍යව තිබුණි. මෙහිදී ඩ්වේන් බ්රාවේ 19 වැනි පන්දුවාරයේදී ජස්ප්‍රිට් බුම්රාට එරෙහිව හයේ පහර තුනක් සමගින් ලකුණු 20ක් රැස්කිරීමට සමත්වූ අතර හය වැනි පන්දුවේදී ඔහු දැවීගියේ චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා මාවත ලබාදෙමිනි.
කෙසේ වෙතත් අවසන් පන්දුවාරය යොමුකළ මුෂ්ඨෆිසුර් රෙහෙමාන් පළමු පන්දුවාර තුන තුළදී කේඩාර් ජාඩෙව් පීඩනයට ලක්මින් ලකුණු ලබා ගැනීමට අවස්ථාව නොදුණි නමුත් ඔහු ඊළඟ පන්දු දෙකට හයේ හා හතරේ පහර එල්ල කරමින් තරගය ජයග්‍රහණය කළේ. ඔහු පන්දුවට පහරදීමට පැමිණියේ ආබාධයක්ද සමගිනි.