පාකිස්තානය තුළ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආරක්ෂාව ජාත්‍යන්තරයට පෙන්වීම සඳහා පාකිස්තාන කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි20 තරග තුනක් මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙයි.
එම තරගාවලිය වෙනුවෙන් ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා තරග කරයි. තරගාවලිය වෙනුවෙන් පාකිස්තානය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 -3.0 ක මුදලක් වෙන්කර ඇති අතර එහිදී ක්‍රීඩකයෙකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 100000 (රුපියල් ලක්ෂ 154) ගෙවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව තිසරටද ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් හිමිවෙනු ඇත. මේ අතර තරග තුනෙන් පළමු තරගය ඊයේ (12දා) පැවැති අතර එම තරගයේ ජය පාකිස්තාන කණ්ඩායම හිමිකරගත්තේය.
මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 197/5 (පන්දුවාර 20) රැස්කළේය. එයට පිළිතුරු ලෙස ලෝක කණ්ඩායමට රැස්කළ හැකිවූයේ 177/7 (පන්දුවාර 20) පමණි.
තරගයේදී පන්දු යැවීමෙන් තිසර පෙරේරා සිය පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 51ක් ලබාදී එක් කඩුල්ලක් දවාගත්තේය. එය එම කණ්ඩායමේ පන්දු යවන්නෙකුට එරෙහිව පාකිස්තාන කණ්ඩායම රැස්ළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. පන්දුවට පහරදීමෙන් පන්දු 11කදී තිසරට රැස්කළ හැකිවූයේ ලකුණු 17ක් පමණි.