ආබාධයකට ලක්ව ඇති බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නේමාර්ද සිල්වා රුසියාවේදී ආරම්භ වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්වන බ්‍රසීල කණ්ඩායමට නම් කර ඇත. පසුගිය මාර්තු මාසයේදී ආබාධයකට ලක්වූ නේමාර් ශල්‍යකර්මයකට භාජනය කිරිමෙන් පසුව මාස තුනක පමණ කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමට වෛද්‍ය නිර්දේශ ලැබී තිබේ.
බ්‍රසීලය සිය පළමු තරගයට ජුනි 17 දා ක්‍රීඩා කිරීමට නියමිත අතර ඔවුන් E කාණ්ඩයෙන් තරග කරන්නේ කොස්ටා රිකා, සර්බියා හා ස්විට්සර්ලන්තය සමගිනි. නේමාර් හා ප්‍රංශයේ පැරස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායමට ක්‍රීඩා කරන ඩැනී අල්වෙස්ට ආබාධයක් හේතුවෙන් ලෝක කුසලානය අහිමිවී තිබේ.
ප්‍රබල ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විතව බ්‍රසීලය සිය කණ්ඩායම නම් කර ඇත. මාසෙලේ, ෆිලිපේ ලුවිස්, තියාගෝ සිල්වා, ෆර්නැන්ඩීනෝ, පිලිපේ කෝටිනෝ, නේමාර්, රොබෙර්ටෝ ෆිරිමිනෝ, කැස්මිරෝ නම්වූ ක්‍රීඩකයන් අතර වෙති.