එළැඹෙන 06 වැනි දා ශ්රී ලංකාවේ ඇරඹෙන නිදහස් කුසලානයට බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියවු ක්රීඩක සහ නායක ෂඛීබ් අල් හසන් සහභාගි නොවන බව දැණුම් දී තිබෙනවා. ඒ අනුව මහමුදුල්ලා නායකත්වයට පත් වනු ඇති අතර, ලිටන් දාස් ඔහු වෙනුවට කණ්ඩායමේ ස්ථානයට පත් වනු ඇත.
ෂකීබ්ගේ වම් අතේ සුළැඟිල්ල ආබාධයකට ලක් වූයේ අවසාන වශයෙන් බංග්ලාදේශයේදී පැවති තුන්කොන් එක්දින තරගාවලියෙනි. ඒ නිසා ඔහුට ශ්රී ලංකාව සමග වූ අවසන් ටෙස්ට් තරගාවලිය සේම විස්සයි විස්ස තරගාවලියද, පකිස්තාන සුපර් ලීගයද අහිමි විය.
ලිටන් දාස් මේ වන විට බංග්ලාදේශයේ List-A දේශීය තරගාවලියේ පිත්තෙන් සුවිශේෂ දස්කම් දක්වමින් සිටින අතර දක්ෂ කඩුළු රකින්නෙකුද වෙයි.