ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගීත්වයෙන් එළැඹෙන මාර්තු මස 6දා ඇරඹීමට නියමිත තුන්කොන් එක්දින නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම් නායකත්වයට රෝහිත් ෂර්මා පත් කර ඇත.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම විවේක ගැන්වීමට ඉන්දියාව අදහස් කර සිටින අතර, ඒ අතර නායක විරාත් කෝලිද සිටින බවත් මේ හේතුව නිසා රෝහිත් ෂර්මා මෙම තරගාවලියේ නායකයා වනු ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
මෙම තරගාවලියට මයන්ක් අගර්වාල් ඇතුළුව නවක ක්‍රීඩකයින් සිවු දෙනෙකු ක්‍රීඩා කරවීඹට නියමිතව ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් ජාලය පැවසුවද, තවමත් මෙම වාර්තා සත්‍යදැයි අනාවරණය වී නැත.
රෝහිත් ෂර්මා මින් පෙරද ශ්‍රී ලංකාවේදී ඉන්දියාව මෙහෙයවා ඇත.