ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේදී අද (20දා) පැවැති තරගයට පෙරාතුව ඊයේ (19දා) දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පැවැසුවේ ආසන්න මාස කිහිපයේදීම ශ්‍රී ලංකාවේ පන්දු රැකීම ගැටලුකාරී තත්ත්වයක පැවැති බවත් උඩපන්දු සැලකිය යුතු ප්‍රමාණයක් අත්හළ බවත්ය.
එවැනි තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකාව කළ යුතු වන්නේ සිය වැරදි නිවැරදි කරගැනීමය. වරද හරි හැටි දන්නා ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී පන්දු රැකීමට පිටියට පිවිසියේය. එහිදී නායක උපුල් තරංගම ශිකර් දවාන් ලබාදුන් උඩපන්දුවක් අත්හළේය. එ් ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේය.
මාලිංගට සුපුරුදු පරිදි කළ හැකිවූයේ සිය අතින් මුහුණ වසාගෙන හීල්ලීම පමණි. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලද උඩපන්දුවක් අත්හැරීය. මේ තරගයේ අවසන් භාගයේදී සිදුවූ මග හැරීම් පමණි. වරද හොඳින් දන්නා නායකයාම වරද කරයි නම් කවර කතාද?