ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දැන් හොඳින් සකස්වී ඇති බවත් නව පුහුණුකරුට (චන්දික හතුරුසිංහ) එය දැන් බාරදිය හැකි බවත් ශ්‍රී ලංකා තාවකාලික පුහුණුකරු නික් පෝතාස් පවසයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති පළමු එක්දින තරගයෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ඊයේ (10දා) ප්‍රකාශ කළේය.
පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතක ජයක් ලැබීය.
“අපි බොහෝ දෙනෙක් ගැන සමීපව කටයුතු කළා. ඒ වගේම අපි සූත්‍රයට දැන් ආසන්නයි. එය ඉදිරියේදී සාර්ථක වේවි. අපි දැන් හොඳ තැනක ඉන්නවා. අපි මේ කණ්ඩායම හොඳින් සාදාගෙන තිබෙනවා. දැන් අපට නව පුහුණුකරුට එය භාරදිය හැකියි. ඔහුට එය ඉදිරියට ගෙන යා හැකියි”