ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ධම්මික ප්රසාද්ට ජාතික කණ්ඩායමට පැමිණීම තවදුරටත් ප්රමාද වෙන බව පෙනේ. 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී ආබාධයකට ලක්වූ ධම්මික එයින් සුවය ලබා මේ වන විට වෙළඳ සේවා තරගාවලියට ක්රීඩා කරයි.
ඒ අනුව ඔහු නැවතත් සිය රිද්මය පැමිණෙන තෙක් දේශීය තරග බිමේ තවදුරටත් ක්රීඩා කළ යුතු බවට තේරීම් කමිටුව විශ්වාස කිරීම හේතුවෙන් ධම්මික තවදුරටත් තේරීම් කටයුතු සඳහා තෝරා නොගැනීමට තීරණය කර තිබේ.
" ඔහු තේරීම් සඳහා තෝරා ගැනීමට මත්තෙන් එක් තරගවාරයක්ම ක්රීඩ කළ යුතුයි. මොකද ඔහු ගොඩක් කාලයක් ක්රීඩා කර නෑ" යැයි තේරීම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්රෝයි මහතා ක්රිකට් ඒජ් පුවත් සේවයට පවසා ඇත.
වෙළඳ සේවා තරගාවලිය හරහා සිය තරගකාරි ක්රීඩා දිවිය ආරම්භ කළ ධම්මික මුහුණ දුන් පළමු තරගයේදී ඔහු පන්දුවාර 8කදී දවාගෙන තිබුණේ එක් කඩුල්ලකි.