CCC පිළ ලකුණු 6කින් පරදා තියුණු ජයක් ලබන්නට දේශීය විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේදී ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුතු NCC පිළ සමත් විය.
තරගාවලියේ වැඩිම කඩුළු ලාබීන් අතර සම-මුල් තැන ගන්නට කඩුළු 17ක් බිඳ දැමූ ලසිත් මාලිංග සමත් විය.
NCC පිළ පන්දුවාර 20 තුළ ලකුණු 184ක් ලබා ගත අතර එයට භානුක රාජපක්ෂ වේගවත් ලකුණු 79ක් සහ මහේල උඩවත්ත ලබාගත් ලකුණු 68 අනගි සහයක් ලබා දුනි. පන්දු යැවීමෙන් CCC පිළ වෙනුවෙන් තුෂාර ලකුණු 32ට කඩුළු 4ක් දවා ගත්තේය.
පිළිතුරු ලෙස CCC පිළ පන්දුවාර 19.3කදී සියළු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 177ක් පමණි. එයට පතිරණ ලකුණු 47ක් සහ වනිඳු හසරංග ලකුණු 42ක් ලෙස පිතිකරණයෙන් දායක විය. එහිදී NCC පිළ වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 31ට කඩුළු 3ක් සහ මාලිංග ලකුණු 36ට කඩුළු 1ක් දවාගත්තේය.